මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සෞලෝස් චිලිමා (Saulos Chilima) ඇතුළු කණ්ඩායමක් රැගෙන ගමන් කළ ගුවන් යානයක් අතුරුදන් වී තිබෙනවා.

ඊයේ (10) පෙරවරුවේ ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වූ  උප ජනපති ගමන් ගත් මෙ​ම ​මලාවි ආරක්ෂක බළකායේ ගුවන් යානයේ ජනපති ඇතුළු නිළධාරින් 9දෙනෙකු සටි බව විදෙස් මාධ්‍ය වර්තා කරයි

මෙම යානය Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට සැලසුම් කර තිබූ බව අතර ගුවන් ගත වී ගමන් ආරම්භ කිරීමෙන් අනතුරුව යානය  පද්ධතියෙන් ඉවත්ව ගිය බව මලාවි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි

.මලා​වි ජනාධිපති ලාසරස් චක්වේරා සඳහන් කර ඇත්තේ, සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනු​ව හමුදා භටයින් අදාළ භූමියේ සෝදිසි කිරීම් සිදු කරන බවට ද තොරතුරු වාර්තා වනවා.

අදාළ මෙහෙයුම් ක්‍රියාවලිය යානය සොයා ගන්නා තෙක් සිදු කරන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේ