මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්‍ය මංජුල ප්‍රනාන්දු පත් කිරීමට ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී  ඇත.

පසුගිය මැයි 24 වන දා  මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) හිටපු  සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව  පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පාර්ලිමේන්තු යෝජනාව වැඩි ඡන්ද 46 කින් සම්මත වූ අතර ඊට පක්‍ෂව මන්ත්‍රීවරුන් 123 ක් සහ විපක්ෂව ඡන්ද 77 ක් ප්‍රකාශ කෙරිණි.