මහනුවර පොලිස් බල ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ, මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ සුවිස් හෝටලය ඉදිරිපිට වැවේ තරුණ කාන්තාවකගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බවයි.

කෙසේ නමු​ත් එහි අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැති බවයි වාර්තා වේ.

එමෙන්ම පේරාදෙණිය පාරේ ප්‍රිම්රෝස් උද්‍යානය පහළ කොටසේ අතුරු පාරක මියගොස් සිටින තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද ඇති බවත් එම මළ සිරුරේ අනන්‍යතාවයද මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි.