අද (05) සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු ආරම්භ කෙරේ.

අද පෙරවරු 4.10ට යෙදී තිබු සුභ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි දී කප් සිටුවීමේ මංගල්‍යය සිදුවිය.

කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා ප්‍රථම කුඹල් පෙරහර මේ මස 10 වනදා වීථි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා සඳහන් කළා