ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය භාණ්ඩාගාර බැඳුම්කරවලට පරිවර්තනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා ඇත.

ඒ දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියට අනුවය.

ඔහු වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කර තිබේ.

“දේශීය වශයෙන් ප්‍රධාන වශයෙන් ගන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර. භාණ්ඩාගාර බිල්පත් දැනට තියෙනවා රු. ට්‍රිලියන 4.1 ක්. ඒකෙන් 62.4% ක්ම තියෙන්නේ මහ බැංකුව සතුව මේ භාණ්ඩාගාර බිල්පත් දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත්කරන්න තීරණය වෙලා තියෙනවා“