පසුගිය දා පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව ඇති වූ ගැටුමෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ බරපතළ තුවාල ලැබුවා. ඔහුට ශල්‍යකර්මයක් සිදු කළ ඇ​ති අතර තවමත් ඔහු පසුවන්නේ යුද හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පහරදීම සිදු කරන ලද්දේ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් බව ඔහුගේ පුත්‍රයා කොටුව පොලිසියට පැමිණිලි කළ අතර පහරකෑ මන්ත්‍රීවරයාද ලිඛිත ප්‍රකාශයක් ලබා දුන් බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ දක්වා මෙම සිදුවීමට අදාළව පොලිස් පරීක්ෂණ ඉතා මන්දගාමීව බ​වට නොයෙකුත් පාර්ශව චෝදනා කරන අතර ඔවුන් පවසන්නේ මෙවැනි පහරදීමක් සිදු වූ පසුව තුවාලකරු රෝහල්ගතව සිටී නම් අත්අඩංගුවට ගන්නා සැකකරුට ඇප ලබා දීම පවා සිදු නොවන බවයි.