රෝහිත අබේගුණවර්ධනට ඔහුගේ මව රනිල් ළගට යන්න යැයි උපදෙස් දුන්නද තමාගේ දරුවන් තමන්ට මහින්ද රාකපක්ශ ළගට යන ලෙස උපදෙස් දුන් බව ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පවසයි.

බොරු කිඹුල් කදුළු හෙලමින් තමාගේ තම මවගේ උපදෙස් නිසා රනිල් ළගට ගියේ යැයි රෝහිත පැවසුවාට, තමාටමනම් අම්මාත් තාත්තාත් නැන්දම්මත් මාමාත් නැති බවත් දරුවෝ කියන්නේම මහින්ද ඉන්නේ කොහෙද එතන ඉන්න යැයි වසන්තා හඳපාන්ගොඩ වැඩිදුරටත් කියා සිටියි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගියදා කළුතරදී රෝහිත අබේගුණවර්ධන විසින් සංවිධානය කල රැස්වීමට තමාද සහභාගී වු නමුත් තමාට එහිදී අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා නොදුන් බවට ඇය විවේචනයක්ද සිදු කර ඇති බව වාර්තා වේ.