මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ශ්‍රි ලංකා පොදු පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහය ලබා ගැනීම සදහා
ඊයේ (12) දිනයේදී හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ හමුවක් තංගල්ලේදී පැවැත්වුණා

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියා

එහිදි රාජපක්ෂ පාලනයට පසුගිය සමයේ එල්ල වූ චෝදනා පිළිබදවද චමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පලකළා.

” හොරු කවුද ? බියගම නිදහස් වෙළද කලාපේ මුළු ලෝකයේ රටවල් කිහිපයකට දෙන්න මුදල් අච්චු ගැහුවා.ඒ රටවල සල්ලි .ඒක තමා අච්චු ගහලා උගණ්ඩාවට අරන් ගියා කියන්නේ. ඉතින් ඔය කියන බොරු අපිත් අහගෙන ඉන්නවා. හැබැයි ඉතින් ගෙනිච්චා නම් මමත් ඒ රටට යනවා පදිංචි වෙන්න . ඉතින් ඒ කතා වලට රැවටෙන්න එපා . අපි මහින්ද මහත්තයාට කෘත ගුණ දක්වලා පෙන්නන ඕන.

රැකියා නම් හැම ගෙදරකටම එකක් දෙකක් දීලා තියනවා .වරාය ගුවන් තොටුපළේ නම් රැකියා 2000ක් දීලා තියනවා. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ චෝදනාව නම් ඔක්කොම හම්බන්තොටින් දාලා මාරුවීම් දෙන්න බෑ කියලා. මහින්ද මහත්තයා බලය තියන කාලේ අත දිගඇරලා ඔක්කෝම කළා. රටටත් කළා, අපිටත් කළා , කාටත් කළා. ඒ පුරුද්ද නාමල්ටත් ඇති . තාත්තාගේ පුරුද්ද තියෙන්නෙ එපැයි පුතාටත් “