ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ සුදුසු අපේක්ෂ ලැයිස්තුවේ සිටි බවත් නමුත් ඊටත් වඩා ජනපති අපේක්ෂකත්වයට සුදුසු පුද්ගලයා නාමල් රාජපක්ෂ බැවින් ඔහුව ජනපති අපේක්ෂකයා වශයෙන් තෝරාගත් බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චී පවසා සිටියා

ඊයේ (8) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබදව අදහස් පලකළා .

“ධම්මික පෙරේරා අපිට සුදුසු අපේක්ෂයන්ගේ ගොඩේ හිටියා .නමුත් ඊට වඩා අපේ සුදුසු අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහත්තයා කියලා අපි දැකපු නිසා තමයි එතුමාව අපේ අපේක්ෂකයා වශයෙන් තෝරගත්තේ . 69 ලක්ෂෙම අපි ළග නෑ .ලක්ෂ 9ක් විතර අපි ගණනය කරාම සජබෙට ගිහින් ඇති ලක්ශ 9ක් විතර . ලක්ෂ 10ක් ජනතා විමුක්ති පෙරමුණට ගිහින් ඇති. ඉතුරු ලක්ෂ 50න් ලක්ෂ 10ක් විතර යන්න තිබුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක එකතුවුණු කණ්ඩායමට . හැබැයි දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙළින් හිටගෙන ඉන්න නිසා අපේ කදවුරේ ලක්ෂ 5ක් විතර යයි කියලා අපි හිතනවා. ජන්ද ලක්ෂ 20කින් විතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ස්ටාර්ට් කරන්න පුලුවන් .හැබැයි 69 ලක්ෂයෙන් ලක්ෂ 40ක් අපිත් එක්ක බැදිලා ඉන්නවා කියලා විශ්වාසේ තියනවා. මේ වෙලාව වෙනකොට ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයා තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒක පැහැදිලියි. ලක්ෂ 40න් අපි ගමන ආරම්භ කරනවා”