එළඹෙන මහ කන්නයේ වී වගාව ආරම්භ කිරීමට පෙර නියඟය හේතුවෙන් යල කන්නයේ කුඹුරුවලට සිදුවූ වගා හානියට අදාළ වන්දි මුදල් ලබාදෙන ලෙස ගොවි සංගම් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ඔක්තෝබර් මස 15 දින හෝ ඊට ආසන්න දිනයක් තුළ සියලුම ප්‍රදේශවල මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවීන් උනන්දු කළ යුතු බවට කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලුම අංශ තීරණය කර තිබිණි.

කෙසේ නමුත් වගා කටයුතු ආරම්භ කිරීමට පෙර ගොවීන්ට අවශ්‍ය සෙසු පහසුකම් ද ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බව සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කර තිබේ.

පවතින ගැටළු හමුවේ ගොවි ජනතාව ඉදිරියේදී වගා බිමෙන් ඉවත් වන බව ද ඔහු පවසා ඇත.