දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, සියලු ම පොලිස් ස්ථාන, පොලිස් නිලධාරි කාර්යාල සහ විශේෂ පොලිස් ඒකකවල නිල ඇඳුම් කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනියුක්ත සිවිල් කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අද (ඔක්. 30) සහ ලබන නොවැම්බර් මස 4 දෙදින වෙන්කර ඇත.

ත්‍රිවිධ හමුදා කඳවුරු හා සෙසු සියලු ම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම නොවැම්බර් 1 සහ 4 යන දින දෙක වෙන්කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

තමන්ට අදාළ එම දිනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට නොවැම්බර් 7 සහ 8 යන දිනවල සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.