අද (04) උදෑසන දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබෙනවා

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

එම රෝගීන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

.