අද (14) ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විසින් මාධ්‍යවේදීන් සඳහා තැපැල් ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා

මේ පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්

“අපේ රටේ ලියාපදිංචි රූපවහානී නාලිකා 17ක් තිබෙනවා. FM නාලිකා 52ක් තිබෙනවා. මෙම මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට බොහෝ මැතිවරණ වලදී ඡන්දය භාවිතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් බොහෝ විට එදිනට ඉන්නේ සජීවී විකාශවල. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මගෙන් ඉල්ලීමක් කළා. ”