ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන ටැටූ හිමිකරුගෙන්
මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු හැර මේ වන විට සියලු දෙනාම අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටියා .
ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ඔහුට අවවාද කර ඇති බවත් මින් මතුවට එවැනි වරදක් සිදු නොවීමට වගබලා ගන්නා බවට දැනුම් දී ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
එම සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ පීඩනය හේතුවෙන් එම වරද සිදුවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තවදුරටත් සඳහන් කළා.
“දැන් ඊයේ පෙරේදා කට්ටිය කිව්වා මොනවා කිව්වත් දෙයක් වෙලා නෑ කියලා. මොනවා කරත් කිසිම දෙයක් නොවුණ විදියට තමා කතා කරන්නේ. මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. යන්න ගමින් ගමට යන්න. නගරයෙන් නගරයට යන්න. ගිහින් අහන්න මහජනතාවගෙන් ඉස්සර වගේම කුඩු තියෙනවා ද? ඉස්සර වගේම පාතාලේ ක්‍රියාත්මක වෙනවා ද? එතකොට හරි තත්ත්වය බලාගන්න පුළුවන්. මම කියන්නේ කුඩු විකුණන අයට සහ පාතාලේ අයට අපි තිබුණටත් වඩා තදින් ඉදිරියට ක්‍රියා කරනවා. පොලීසියත් STF එකත් මොවුන් පසුපස හඹා යනවා. කොහේ හිටියත් අල්ලනවා.අතුරුගිරිය සිද්ධියේ අපි අත්අඩංගුවට ගත යුතු බොහෝ දෙනා අරන් තියෙන්නේ. මං හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. ඇඹිලිපිටියේ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සහ රයිඩ යන දෙන්නම අත්අඩංගුවට ගත්තා. අම්බලන්ගොඩ වෙඩිතැබීමේ ඊයේ වෙද්දි අත්අඩංගුවට අරන් ඉවරයි. සිද්ධිය වෙන එක නවත්ත ගන්න බැරි වෙන්නේ එල්.ටී.ටී.ඊ යුද්ධයෙන් පස්සේ එළියට ගිය ආයුධ තියෙන්නේ.”