කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා

මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේ දී එම බස් රථ දෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි