ජාතික ජනබලවේගයෙ මීලග ජනාධිපති අපේක්ශකයා තමන් බව එම පක්ශයෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කලේය. ඒ ඊයේ රාත්‍රියේ පැවති රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්න වලට උත්තර දෙමින්.

තම පක්ශයෙ විධායක සභාව විසින් තම පක්ශයෙ අපේක්ශකයා තමන් බව තීරණය කර ඇති බවයි ඔහු එහි​දී සඳහ​න් කරන්නේ.

ඊලග ජනාධිපතිවරණයේදි අපේක්ශකයන් කී දෙනෙක් තරඟ කලද සටන පවතිනුයේ ඇත්තටම අපේක්ශකය​න් දෙදෙනෙකු අතර බවත්, ඉන් එකක් දූශිතයන්ගෙන් පිරුණු කණ්ඩායම බවත් අනෙක් කණ්ඩායම තමන් ප්‍රමුඛ ජාතික ජනබලවේගය බවත් අනුර කුමාර මහතා තවදුරටත් අදහස් දක්වමින් එහි​දී කියාසිටියේය.