මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වන අතර එරට අන්තර්වාර රජය නිවේදනය කලේ එය ඉස්ලාමීය සටන්කාමීන් විසින් ප්‍රහාරය එල්ලකර ඇති බවයි.
තවද හමුදා කඳවුරකට එල්ලවු ප්‍රහාරයකින් ද හමුදා නිළධාරීන් 15 දෙනෙකු මියගොස් ඇති අතර, එම ප්‍රහාරය අතරතුර සටන්කාමීන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ හේතුකොටගෙන මාලි රාජ්‍යයේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශ කොට ඇත.
2020 වසරේ සිට එම රාජ්‍යය හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මක වේ.