එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් කඩුලු 03ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 291ක් රැස් කළේය. එහිදී ඉබ්‍රහිම් සද්‍රාන් ලකුණු 129ක් රැස් කළේය.

අනතුරුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව පන්දුවාර 46.5 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 293ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළේය. ඔස්ට්‍රේලියාවේ පළමු කඩුලු 07 ලකුණු 91 තුළ දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියේ එක්වූ මැක්ස්වෙල් සහ පැට් කමින්ස් ලකුණු 202 නොබිදුනු සබඳතාවක් ගොඩ නගමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

එහිදී ග්ලේන් මැක්ස්වෙල් පන්දු 128කදී ලකුණු 201 රැස් කළේ 06 පහර 10ක් සහ හතරේ පහර පහර 21ක් සමගිනි.