ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ විසින් ඇන්ජලෝ මැතිව්ස් ගේ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඒ අනුව පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුවක් දකුණු අතේ ඇඟිල්ලක වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් යළිත් පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට සූදානමින් සිටින බව ඔහු පවසා තිබෙනවා

ක්‍රීක්ඉන්ෆො වෙබ් අඩවිය ඔහුව උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ මැතිව්ස් යහපත් තත්ත්වයෙන් පත්වන බවයි.