කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

එය අප්‍රේල් මාසයේ වාර්තා වූ 1.5%ක් ලෙසයි.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ 2.9% සිට මැයි මාසයේ දී 0.0%ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයක් වන අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ දී 1.3%ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.