සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ලබන ජුනි 4 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (21) නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා සිටියදී පාතාලයේ ප්‍රබලයන් බව පැවසෙන වික්‍රමරත්න නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කළ සැකකරු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිව් වන සැකකරු වන මිදිගම චූටි නොහොත් ප්‍රභාත් මධුශංක යන අය මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැති බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇති අතර සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කර නඩුවට අදාළ විස්තර ඉදිරි දින අධිකරණයට ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
