මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවත් පුදබිමේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් සේවයේ නිරත වන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (11) පාර්ලිමේන්තුවේ දී සඳහන් පවසා ඇත.

පුදබිමේ සිටි යුද, නාවික සහ සිවිල් ආරක්ෂක සෙබළුන් 252ම සිටියේ පුදබිමේ ආරක්ෂක කටයුතු සඳහා නොවන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මිහින්තලය පුදබිමේ සිටි හමුදා සෙබළුන් ඊයේ(10) සිට එම පුදබිමෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

එම සෙබළුන් ඉවත් කිරීම නිසා පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

පුදබිමේ ආරක්ෂාව සැපයූවේ පොලීසියෙන් නිසා අදටත් පොලීස් නිලධාරින් 30ක් පුදබිමේ ආරක්ෂාවට ඉන්නවා”යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.