නුවරඑළිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුළ බැංකුගත කිරීමට තිබු රු ලක්ෂ 9කට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කර ඇති බව වාර්ථා වනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නුවරඑළිය පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ, අදාළ ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ නුවරඑළිය ගල්පාය ප්රදේශයේ පදිංචිව සිටි කේ. ලෝගෙෂ්වරන් නැමති 85 හැවිරිදි අයෙකි.
මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක් තුළ තිබු රු ලක්ෂ 9කට ආසන්න මුදලක් කිසියම් පිරිසක් රැගෙන ගොස් ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මුරකරු ඔහුගේ ආරක්ෂක කුටියේ රැඳී සිට ඇති බවත්, එම අවස්ථාවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් ඔහුගේ හිසට පහර දී ඝාතනය කර මුදල් රැගෙන ගොස් ඇති බවටත් තොරතුරු හෙළි වී ඇත.
ඝාතනය සිදු වු අවස්ථාවේ එම ඩිපෝවේ ස්ථානභාර නිලධාරිවරයා සහ මුදල් අයකැමි වරයාද ඩිපෝව තුළ රැඳී සිට ඇතත්, ඔවුන් නින්දට ගොස් සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති බව නුවරඑළිය පොලීසිය සඳහන් කළා.