මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිටින පිරිස 20 දෙනෙකු පමණ වන බව සඳහන් වේ.

මෙක්සිකෝවේ සියුදාද් මදේරෝ හි පිහිටා ඇති සැන්ටා කෘෘස් දේවස්ථානයේ වහලය කඩා වැටුණු අයුරු කැමරාවල ද සටහන්ව තිබුණි.

බැතිමතුන් ද දේවස්ථානයේ රැඳී සිටියදී මෙම අනතුර සිදු වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී ඒ තුළ පුද්ගලයින් විශාල පිරිසක් රැඳී සිට ඇති අතර අනතුරත් සමඟ 30ක පමණ පිරිසක් ඉන් ඉවතට ඒමට නොහැකිව එහි සිරවූ බව වාර්තා වේ.

ඔවුන් මුදාගෙන ඇත්තේ සහන සේවකයින් පැමිණීමෙන් අනතුරුවය.

වහලය කඩා වැටෙන අවස්ථාවේදී ඒ තුළ ළමුන්ද සිටි බව වාර්තා වේ.

මුදාගැනීමේ කටයුතු සඳහා අසල්වැසියන්ගෙන් ද සහාය හිමිව තිබේ.