එළැඹෙන කන්නයේදී වී මෙට්‍රික් ටොන් 10,000 ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලය පවසා ඇත.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ  පැවසුවේ, කන්නයේ සමස්ත අස්වැන්න මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවය.

කෙසේ වෙතත්, එළැඹෙන කන්නයේ සම්පූර්ණ අස්වැන්නෙන් 5% ක් වැනි ප්‍රතිශතයක් හෝ මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබේ