අද (13) දිනයේදි ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීම වෙනුවෙන් සමගි ජන සන්ධානයට තවත් දේශපාලන පක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් එක්වීමට නියමිතව තිබෙනවා.

මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂවලින් සමන්විත සන්ධානය සමගි ජන සන්ධානය බවත් ඉදිරියේ දී තවත් පක්ෂ සහ කණ්ඩායම් සිය සන්ධානය සමඟ එක්වීමට නියමිත බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළා

“පහුගිය 8 වෙනිදා මේ රටේ බිහිවුණ ශක්තිමත්ම සන්ධානයක් පිහිටවුවා. අපිත් සමග තවත් ක්‍රියාකාරී දේශපාලන පක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් සන්ධානගත වෙනවා. මේක දිගින් දිගටම සිදුවෙයි. ඉතිහාසයේ මේ රටේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවන්න, ශක්තිමත්ම ජනාධිපතිවරයා පිහිටුවන්න මේ තුළින් අපිට අවකාශය ලැබෙනවා”