මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවට කිසිදු දේශපාලන බලයක් නොමැති බව තමිල් මක්කල් තේසීය කුට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී. විනේෂ්වරන් පවසා ඇත.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ යාපනයේදී පැවැත්වු මාධ්‍ය හමුවේදීය.

එබැවින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් බලතල ක්‍රියාත්මක කිරීම වැදගත් බවත් එම වැදගත්කම පිළිබඳව දේශපාලඥයින් හා ව්‍යවස්ථා විශේෂඥයින් සම්බන්ධ කර ගනිමින් ජනතාව දැනුවත් කිරීමට යෝජනා වී ඇති බවත් ඒ අනුව ඉදිරි සතියේදී ජනතාව දැනුවත් කරන බවත් මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

මෙම රැස්වීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාද සහභාගිවීමට කැමැත්ත පළ කර ඇති බවද එහෙත් දෙමළ ජාතික ජනතා පෙරමුණ පමණක් එම රැස්වීමට සහභාගී නොවනු ඇති බවද හෙතෙම කීය.

13 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය කිරීම පිළිබදව දෙමළ දේශපාලන පක්ෂ ආණ්ඩුව වෙත ලබාදි ඇති වාර්තා සම්බන්ධයෙන් අගමැතිවරයා කමිටු පත්කරමින් එම අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින්
සිටින බවට දන්වා ඇති බවද ඒ  මහතා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ කිසිඳු දේශපාලන බලපත් අහිමිට සිටින මේ අවස්ථාවේ 13 ව්‍යවස්ථාවේ සදහන් බලතල ලබා ගැනීම වැදගත් බවත් ඉන් අනතුරුව ඉදිරි පියවර සම්බන්යෙන් කටයුතු කළ හැකි බවත්ය.