මෙරට මාසික බිත්තර නිෂ්පාදනය හා පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර් අලහකෝන් මහතා පවසන්නේ මෙරට මාසික බිත්තර නිෂ්පාදනය ලක්ෂ පහමාරත් හයත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බවයි
ඒත් සමගම මෙරට මාසික බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කොට තිබෙනවා.
දැනට වෙළඳපොළේ බිත්තර මිල ගණන් කිහිපයක් යටතේ බිත්තර අලෙවියට ඇති බැවින් ජනතාවට පහසු ලෙසින් ඒවා මිලදී ගත හැකි බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ.
පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් සත්ත්ව ගොවිපළවල් රැසකට හානී සිදු වී තිබීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා