ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම පිරිසක් ක්‍රීඩාංගණවලට පැමිණ තරග නැරඹූ ලෝක කුසලානය ලෙස මෙවර  ක්‍රිකට් තරගාවලිය ලෙස මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වාර්තා අතරට එක්වී තිබේ.

ඒ අනුව මෙවර ලෝක කුසලානය සඳහා 1,250,307දෙනෙකු ක්‍රීඩාංගණවලට පැමිණ තරග නරඹා ඇති බව අයි.සී.සී.ය සඳහන් කරයි.

මීට පෙර වැඩිම ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගණවලට පැමිණ තරග නරඹා තිබුණේ 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැති තරගාවලියේදීය. එහිදී 1,016,420දෙනෙකු ක්‍රීඩාංගණයට විත් තරගය නරඹා තිබුණි.