ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්රීඩිකාවන්ගේ එකමුතුකම ආසියානු කුසලානය ජයග්රහණය කරා රැගෙන ගිය බව ශ්රී ලංකා ක්රිකට් නායිකා චමරි අතපත්තු පවසා සිටියා
ඇය මේ බව ප්රකාශ කළේ ආසියානු කුසලානය ජයග්රහණය කිරීම වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධාන කර තිබු විශේෂ උත්සවයකට එක්වෙමින්
ඉදිරියේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ද ශ්රී ලංකා කණ්ඩායමේ මෙම දක්ෂතා ඈ බලාපොරොත්තු වන බවත්
කණ්ඩායමේ ජයග්රහණයේදී මෙන්ම පරාජයේදීත් කණ්ඩායම සමඟ රැදෙන ලෙස ඇය ක්රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් කළා
ජයග්රහණය පිළිබදව ඇය තව දුරටත් මෙලෙස අදහස් පලකළා.
“කොච්චර දේවල් කැප කළත් මේ තැනට එන්න තනියම බෑ. ඒ පිටුපස ඉන්න යෝධ ශක්තිය තමා ශ්රී ලංකා ක්රිකට් ආයතනය. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ කණ්ඩායමේ නවක පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලය. අන්තිම මාස 18 අපි ලබාගත් ජයග්රහණවල ලොකුම වෙනස කළේ රුමේෂ් රත්නායක මහත්මයා.
මගේ ජීවිතේ තිබුණ හීනයක් තමා ක්රීඩාවෙන් සමුගන්න කලින් ලංකාවට ආසියානු කුසලානයක්, ලෝක කුසලානයක් ගෙනත් දෙන එක. මගේ ටාගට් දෙකක් තියෙනවා. දෙකින් එකක් මට කරලා දෙන්න පුළුවන් වුණා රට වෙනුවෙන්. මේක ස්ටාට් එක විතරයි ළමයි. මම හැමවෙලේම මගේ ළමයින්ට කියන්නේ මේක එක්ක ජීවත් වුණොත් ඊළඟ හිනෙට යන්න බෑ. ගොඩක් දේවල් අපිට මේ වෙලාවේ ලැබෙනවා. ගොඩක් පැසසුම්, ප්රසංසා හැමදේම ලැබෙනවා. මේවා හරියට මැනේජ් කරගෙන නිහතමානිව අපි අපේ ගමන යන්න ඕනේ. තව මාස එක හමාරකින් ලෝක කුසලානය පැවැත්වෙනවා බංග්ලාදේශයේ දී. අපි දන්නවා අපිට කරන්න පුළුවන් මොකද්ද කියලා. මම බලාපොරොත්තු වෙනවා මගේ ක්රීඩිකාවෝ ඒක කරයි කියලා. මේක අපේ රස්සාව. උදේ නැඟිටලා නින්දට යනකල් මේක අපේ රස්සාව. මේ වෙනුවෙන් අපි කැපවෙන්න ඕනේ. මොකද අපේ රස්සාව අපි ආසා දේ. දිනනකොට ගොඩක් අය ඉන්නවා. පරදිනකොට හරිම පොඩි පිරිසක් ඉන්නේ. මම හිතන්නේ දිනනකොට වගේම පරදිනකොටත් මගේ කණ්ඩායමත් එක්ක ඔයාලා ඉදියි කියලා මම විශ්වාස කරනවා.”