2024 අයවැය එළඹෙන වසරේ මැතිවරණය ඉලක්කර ගනිමින් නිර්මාණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසා ඇත.

ඒ අනුව රජය විසින් අයවැය තුළින් ඉහළ දැමූ දීමනා ලබාදීම සිදුකරන්නේ ලබන වසරේ මැතිවරණයට මාස කිහිපයකට පෙර බවත් මේ හේතුවෙන් මෙම අයවැය රට ගැන සිතා නොව මැතිවරණය ඉලක්කකරගත් අයවැයක් බවයි ඔහු සඳහන් කර තිබේ.

රටේ සෑම ප්‍රදේශයකම ඇති ඡන්ද ඉලක්කර අයවැය ඉදිරිපත් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කර ඇත.