2024 අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසා ඇත.

ඒ අනුව මෙම අයවැය සඳහා විරුද්ධවිය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

මෙම අයවැය තුළින් සෑම කේෂ්ත්‍රයටම යම් ප්‍රතිපාදනයක් ලබාදී ඇති බවත් මෙම අයවැය ලේඛනයේ වැරැද්දක් නොමැති බවද ඔහු ප්‍රකාශ කර ඇත.

ඉඩම් ගැන යෝජනාව තමන් විසින් 2002 වසරේදී ගෙනආ බවත් එම යෝජනාවම 2015 දී ගයන්ත මන්ත්‍රීයරයා විසින්ද ගෙන ආ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් පවසා තිබේ.