මෙම දිනවල ළමයින් අතර උණ සමග කැස්ස, හෙම්බිරිස්සා තත්ත්වයන් වැඩිවී ඇතැයිද, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වැඩි වීමක් දක්නට ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ශීත රටවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන බවද, මෙම රෝගී තත්ත්ව​ය අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, ගර්භණී මාතාවන්, ශ්වසන රෝග නිදන්ගතව පවතින පුද්ගලයන් සහ ප්‍රතිශක්තීකරණය අඩු අයට තරමක් භයානක විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වළක්වා ගැනීමට රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණයක් පැළඳීම​ද රෝග ලක්ෂණ පහළවී ඇති දරුවන් පෙර පාසලට, පාසලට, දිවා සුරැකුම් මධ්‍යස්ථානයට නොයවන ලෙසද මෙය ලේසියෙන් තවත් කෙනෙකුට බෝවිය හැකි බවද ඔහු සඳහන් කළා.