මේ රටට හතුරුකම්,කුමන්ත්‍රණය කරන පුද්ගලයින් පරාජය කිරීමේ ජාතික වගකීමක් සියලුදෙනාටම ඇති බවත් මේ විශාල අභියෝගය ජයගැනීමට ජනතාව නාමල් රාජපක්ෂව තෝරාපත්කරගෙන ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) දිනයේ ගාල්ලේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියක් අමතමින්

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

“ගල්ලේ දකුණේ ජනතාව කියන්නේ අපේ මිනිස්සු .ඉතින් අපේ මිනිස්සු ඉතින් අපේ මිනිස්සුන්ට කතා කරන්න දෙයක් නෑ කියලයි මම කිව්වේ . ලබන 21 වෙනිදා රටට හතුරුකම්,කුමන්ත්‍රණය කරන අය පරාජය කිරීමේ ජාතික වගකීමක් ඔක්කොටම තියනවා. මේක අභියෝගයක් .මේ අභියෝගය ජයග්‍රහණය කරන්න පුලුවන් නායකයා විදිහට ජනතාව අද නාමල්ව අද තෝරගෙන තියනවා.හෙට අනිද්දා වෙනකොට මේ ඉන්න පිරිස වැඩිවෙයි .මේ රටට ආදරය කරන මිනිස්සු ඉන්න දේශප්‍රේමි කදවුර බලාගන්න අපි අද ඉදන් නාමල්ට පවරනවා .වැරදි නිවැරදි කරලා රට දියුණු කරන නාමල්ගේ ගමනට අපි සුබ ප්‍රාර්ථනා කරමු”