ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වී ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බවටත් ඔවුන් රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට ඉතිරි කර ඇත්තේ කඳුළු ගෑස් පමණක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසා සිටියා
ඊයේ (01) මහනුවර දිස්ත්‍රික් ජන හමුව අමතමින් ඔහු මේ බව පවසා සිටියා .
එහිදී වැඩිදුරටත් අදහස් පල කල මන්ත්‍රී පාඨලී චම්පික රණවක
“නවක වදය කියලා ලිංගික වද හිංසා වලින් පටන් අරන් තිරස්චීන වද ක්‍රියාවලියක් විශ්ව විද්‍යාල වලට ගෙනාවේ කවුද? අනුර දිසානායක මහත්තයාලගේ දේශපාලනය ලාල් කාන්ත මහත්තයලගේ දේශපාලනය තමයි ඒක කළේ. අද අවුරුදු තුනේ උපාධියට ගියහම අවුරුදු පහක් හයක් යනවා. මොකද උනේ? පුද්ගලික විශ්ව විද්‍යාල කියලා මහා ජාලයක් ඇති වුණා. රජයේ විශ්ව විද්‍යාලයට දරුවා යවන්න බැරි වෙච්ච නිසා. එතකොට මේ පුද්ගලික විශ්ව විද්‍යාල රැල්ල රටේ හැදුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය අනුර දිසානායක මහත්තයලා. විශ්ව විද්‍යාල අරින්නෙ කවද්ද? වහන්නේ කවද්ද? ඉස්කෝල අරින්නේ කවද්ද? වහන්නේ කවද්ද? කියලා තීරණය කළේ ඒගොල්ලෝ. දරුවන්ට ලැබිච්ච එක ම දේ කඳුළු ගෑස් පමණයි. මොකද ඒවයි වද වේදනාවට ලක්වෙච්ච පරපුරක් අපි. දැන් මොකද කිව්වේ? හැම පුද්ගලික විශ්ව විද්‍යාලයටම විරුද්ධ වුණා. මම කියනවා පුළුවන් නම්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ, තමන්ගේ දරුවෝ ගිය විශ්ව විද්‍යාල ටික පෙන්නන්න කියලා රජයේ විශ්ව විද්‍යාලය. මේගොල්ලන්ගේ සමහර අයගේ දරුවෝ කෙලින්ම පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇරියේ. පුළුවන් නම් කියන්න මගේ දරුවෝ මෙතන, මගේ දරුවෝ දෙන්නම රජයේ ඉස්කෝලේ ගියේ. මගේ දරුවෝ දෙන්නම රජයේ විශ්ව විද්‍යාලයේ ගියේ A/L පාස් වෙලා. මම කියනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට පුළුවන් නම් ඉදිරිපත් වෙලා කියන්න.” .