මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහය නොලැබීම තමන්ගේ දේශපාලන ගමනට බොහෝ හිතකර බව ජනපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියා

එතුමා මේ බව සදහන් කරේ මාධ්‍යවේදීන් පිරිසක් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහය නොලැබීමට හේතු විමසු අවස්ථාවේදීය.

ඒත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුුර‍ය තමා විසින් භාරගනු ලැබුවේ ලැබුණු ආරාධනාවක් මත බව එතුමා වැඩිදුරටත් සදහන් කර සිටියා.

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ මහතා

” මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුුර‍යට මගේ නම යෝජනා කරා. හැබැයි එතුමාට සභාපතිවරුන් පත් කරන්න බෑ .එතුමාට අස් වෙන්න බලය තියනවා .එතුමා අස්වෙනවා කිව්වම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ 142ක් රැස්වුණා. ඒ විධායක සභාව ඒකමතිකව තමයි මම සභාපතිවරයා වියයුතුයි කියලා සම්මත කරේ.නැතුව මම රණ්ඩු කරලා කාගෙන්වත් ඉල්ලලා ගත්ත එකක් නෙවේ .මට ආරාධනා කරලා දුන්නේ .මම ඒ වගකීම භාරගත්තා. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා අපිට කිසිදු සහයක් නොදක්වන බව කවුරුත් දන්න කරුණක් . ඒම ලබා නොදුන්නා කියන්නේ අඩුපාඩුවක් නෙවේ. සමහර විට ඒක අපේ දේශපාලන ව්‍යාපාරයට හිතකරයි “