අද (13) පස්වරුවේ මාතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමි දුම්රියේ යතුරපැදිය ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මාතර පඹුරණ අබේගුණවර්ධන මාවතේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදියක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

දුම්රියක් පැමිණෙන බවට ආලෝක සංඥා හා සීනුව නාද වෙමින් තිබියදී අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී මෙලෙස එම අනතුර සිදුව ඇතිබවට සැක පළකරයි.

ජීවිතක්ෂයට පත්වූ පුදගලයාගේ දේහය කඹුරුගමුව දුම්රිය ස්ථානය වෙත රැගෙනගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.