ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

මෙවර මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රටට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලට බව කී අමාත්‍යවරයා ඒ සඳහා වැට් බදු අය කර නැති හෙයින් දැනට අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍ය නොවන බවද සඳහන් කර තිබේ.

කූඨ වෙළෙන්දන් වැඩි මිල ගණන් යටතේ⁣ පොහොර අලෙවි කළහොත් ඔවුන්ගෙන් බිල්පතක් ගෙන එය කෘෂිකර්ම අමාත්‍යාංශයට එවන්නැයි කී අමාත්‍යවරයා ඊට අවශ්‍ය නීති පියවර ගන්නට කටයුතු කරන බවද පවසා ඇත.