පසු ගිය සති කිහිපයට සාපේක්ෂව එළවළු මිල පහළ ගොස් ඇති බව වෙළඳපොල ආරංචිමාර්ග වාර්තා කරනවා.

 

රුපියල් 3000කට ආසන්න වූ කැරට් කිලෝවක් මේ වන විට රුපියල් 500 දක්වා ද, බෝංචි රු.500 දක්වාද, ගෝවා රුපියල් 300 පමණ දක්වා ද වම්බටු රුපියල් 150 දක්වාද ආදී වශයෙන් මිල පහත වැටී තිබෙනවා. රට පුරා බොහෝ මහජන පොළවල යළි ජනතාව පිරී සිටිනු දක්නට ලැබුණා.

 

කෙසේ වෙතත්, මේ වන විට දේශීය බිත්තරයක මිල රු. 70 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. මෙසේ ඉහළ යෑමට කිසිදු හේතුවක් නැති බවයි පෙරදී පැවසුණේ. කෙසේ වෙතත්, මාළු මිලද ඇත්තේ පහළ අගයකයි.

 

බිත්තර මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතා පෙරමුණේ සභාපති අසේල සම්පත් චෝදනා කරන්නේ වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දුටයි. රජය සතොස හරහා ගෙන්වා බෙදා හරින ඉන්දියන් බිත්තරයක බර ග්‍රෑම් 40-45 බවත් එහි මිල රුපියල් 43 වෙද්දී ග්‍රෑම් 60-70 බර ඇති මෙරට බිත්තරයක් මිල ඉහළ දැමීමට දේශීය නිෂ්පාදකයන් පෙළඹුණු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.