ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ගොවි ජනතාව වෙත වගා කටයුතු සඳහා අද (22) දින නිදහස් කරනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පලාලි ගුවන් හමුදා කඳවුරේ දී මෙම කටයුත්ත සිදු විය.