යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය ඇතුළු දූත පිරිස අද (16) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා

රජයේ ආරාධනාවක් මත Audrey Azoulay මහත්මිය මෙරට සංචාරයකට පැමිණි ඇය ලබන 19 වන දා දක්වා මෙරට රැඳීසිටීමට නියමිත බව සදහන්

සංචාරය අතරතුර Audrey Azoulay ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු රජයේ ඉහළපෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන බවද සදහන්

ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වන සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සැමරුම් උත්සවයකට ද ඕද්රි අසූලේ මහත්මිය සහභාගී වීමට නියමිත අතර මෙරට යුනෙස්කෝ ලෝක උරුමය නැරඹීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.