යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉන් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවීමත් සමග එහි සිටින සංචාරකයින් සහ කදු නගින්නන් වහාම ඉන් ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.
එට්නා ගිනි කන්ද වසරකට අවස්ථා කිහිපයකදීම විදාරණය වන අතර එය සැලකෙන්නේ ලොව වඩාත්ම සක්‍රිය ගිනිකදු වලින් එකක් ලෙසයි.
මෙවර සක්‍රිය වී ඇත්තේ එහි ගිනිකොනදිග කුහරය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ රාත්‍රියේ සිට ආරම්භ වූ විදාරණයේ හඩ සහ කම්පනය ඉන් කිලෝ මීටර් 50කටත් ඔබ්බෙන් පිහිටි කැටනියා නගරයට පවා දැනී තිබු අතර මේ හේතුවෙන් ආසන්න කලාපයේ රැඳී සිටින ජනතාව සීරුවෙන් තැබීමට බලධාරින්ට සිදුව ඇති බව වාර්තා වේ.
