වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය අද දකුණු අප්‍රිකාවේදී ආරම්භ විය.

තරගාවලියේ පළමු තරගය ලෙස ඇමෙරිකාව සහ අයර්ලන්තය අතර තරගයත්, දෙවැනි තරගය ලෙස සත්කාරක දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගයත් අද පැවැත්වේ.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අනිද්දා (21දා) සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් පැවැත්වේ.

තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වේ.