අද (ජූනි 6) පාර්ලිමේන්තුවේදී  විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියේ  ජූලි 1 වන දා සිට විදුලි බිල පහළ දැමීමට රජය තීරණය කර ඇති බව​යි

එහිදී ගෘහස්ථ කාණ්ඩවලට වැඩි සහනයක් ලබා දීමට තීරණය කළ බව අමත්‍යවරයා පැවසුවේ ය.

ඊට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (ජූනි 7) මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දීමට නියමිත බවද අමාත්‍යවරයා පවසා සිටියා

ඒ අනුව, ඒකක 0-30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා ද ඒකක 30-60 දක්වා ඒකකයක මිල රුපියල් 20 සිට 9 දක්වා ද ඒකක 60-90 දක්වා ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා ද ඒකක 120 දක්වා රුපියල් 50 සිට 30 දක්වා පහළ දැමීමට යෝජනා කර තිබේ.