2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ (30) පැවැත්වුණා.

එහිදි ඉන්දියාව පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

එම තරගයේ පළමු අර්ධයේදී ලකුණු 21ක් රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පෙරමුණ හිමිකරගත් අතර ඉන්දියාව පළමු අර්ධයේදී ලකුණු 03ක් රැස්කළේය

දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 24ක් රැස්කර ගනිද්දි ඉන්දියාවට රැස්කරගත හැකිවූයේ ලකුණු 5ක් පමණි.

ඒ අනුව ලකුණු 45ට 10ක් ලෙස පහසුවෙන් තරගය ජයගත් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

වසර 5කට පසු ජාත්‍යන්තර ටෙස්ට් රග්බි තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාව ඊයේ දැක්වූ දක්ෂතා ක්‍රීඩා විචාරකයින්ගේ ඇගයීමට ලක්විය.

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ කසක්ස්තානය අතර එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.