ග්බි ලෝක කුසලානය හෙටින් ඇරඹීමට නියමිතය. මෙවර පැවැත්වෙන 10වැනි රග්බි ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරනු ලබන්නේ ප්‍රංශයයි. තරගාවලිය ආරම්භ කරමින් ලෝක රග්බි ශ්‍රේණිගතකිරීම්හි තෙවැනි ස්ථානයේ රැඳී සිටින ප්‍රංශය සහ ශ්‍රේණිගතකිරීම්හි සිව්වැනි තැන සිටින නවසීලන්තය තරග වැදීමට නියමිතය.

ලෝක රග්බි ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ ගෙන සිටින්නේ අයර්ලන්තයයි. දෙවැනි තැන දකුණු අප්‍රිකාවට හිමිව තිබේ.

හෙට තරගය නැරඹීම සඳහා 80,000කට අධික ක්‍රීඩා ලෝලීන් ප්‍රමාණයක් එක්වනු ඇති බවට ගණන් බලා තිබේ. මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලිය ප්‍රංශයේ ක්‍රීඩාගණ 09කදී පැවැත්වේ.

හෙට දිනයේදී ඇරඹෙන තරගාවලිය ඔක්තෝම්බර් 28වැනිදා දක්වා පැවැත්වෙන අතර, තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් ලක්ෂ 06ක් පමණ ප්‍රංශයට පැමිණෙනු ඇතැයි තරග සංවිධායකයෝ අපේක්ෂා කරති.