රග්බි ලෝක කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයකින් ලකුණු 13-08ක් ලෙස ලෝක ශූර දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට අයර්ලන්ත කණඩායම සමත් විය. ඒ අනුව ‘බී’ කාණ්ඩයේ සහභාගි වූ තරග 03ම ජයගත් අයර්ලන්තය එහි පෙරමුණට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 14ක් සමගිනි. එහි දෙවැනි තැන ලෝක ශූර දකුණු අප්‍රිකාවට හිමිව ඇත්තේ සහභාගී වූ තරග 03න් 02ක් ජයගෙන ප්‍රසාද ලකුණු 10ක් සමගිනි.

මෙම තරගයේදී අයර්ලන්තය එක් උත්සාහක දිනුමක්, එක් ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 02ක් සාර්ථක කර ගනිමින් ලකුණු 13 රැස් කළ අතර, දකුණු අප්‍රිකාව එක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමගින් ලකුණු රැස් කළේය.

ලෝක රග්බි ශ්‍රේණිගතකිරීම්හි අයර්ලන්ත කණ්ඩායම 01වැනි ස්ථානයේත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම 02වැනි ස්ථානයේත් පසුවේ.