රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, එවක අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර ඇති අතර එම නිල නිවාසවලින් මෙතෙක් භාර දි ඇත්තේ 14 ක් පමණක් බවයි.

නිල නිවාස භාරදීමේදි ඒවායේ හිඟ විදුලිබිල්පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය වන බවත්, සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි..

කෙසේ නමුත් අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මගහරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි ඔවුන් සඳහන් කරන්නේ.