ගංජා හා මත්පැන් හරහා රට ගොඩනැගීමට කටයුතු කරනවාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර ඇත.

මීට අමතරව ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් ගංජා වගාව ප්‍රවර්ධනය කිරීමට පිබුරු පත් සකසමින් සිටින බවත් ලෝකයේ බොහෝ රටවල අන්තරාය ඖෂධ ලෙස නම් කර ඇති සමහර මත්ද්‍රව්‍ය මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමට යාම රටේ සංස්කෘතිය හා සදාචාරය ට බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා පවසා තිබේ.

එසේම දුම්කොළ හා මධ්‍යසාර සමාගම් සදහා නිවැරදිව බදු අය කිරිම සිදු නොවන බවත් එය ඔප්පු කල හැකි බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත.

තවද මත්පැන් හා මධ්‍යසාර සම්බන්ධයෙන් පවතින යල් පැනගිය නීතිරීති වෙනස් කර එම නීතිරීති තවදුරටත් තද කල යුතු බවත් ගම හදා රටහදන්න නගරය හදා රට හදන්න බියර් බලපත්‍ර මන්ත්‍රීවරුන් හරහා බෙදා දීම නතර කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලිමක් කර තිබේ.

එමෙන්ම සමහර ප්‍රදේශවල විහාරස්ථානය අසළ බියර් හල් සදහා බලපත්‍ර ලබා දී ඇති බවත් රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත බියර් බලපත්‍ර රැසක් ලබා දී ඇති බවත් ඔහු අවධාරණය කර ඇත.