තමා හට අගමැති තනතුර භාරගන්න 71 වතාවක් ආරාධනා ලැබුණ බවත් , හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම
භාරගන්නා ලෙස ඉල්ලීමක් කළත් තමා ප්‍රතිපත්ති පාවා නොදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා
එසේම රටේ මුදල් සොරා කෑ සොරුන් සමග එක්ව වැඩ කිරීමට තමාගේ සූදානමක් නොමැති බවත් තමා කිසි විටකත් තමන්ගේ තනි මතයට කටයුතු නොකරන බවත් මෙහිදි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියා
වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
“වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර තිබෙනවා. විධායකය වටා බලය කේන්ද්‍ර කර ගෙන හිතුමතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අමුඅමුවේ උල්ලංඝනය කර ඔවුන් කැමති පොලිස්පති පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් කටයුතු කළා. එය මේ වන විට එය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටවලා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ සර්වජන ඡන්ද බලය උල්ලංඝනය කරමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළ ඔහු මූලික අයිතිවාසිකම් කඩ කරන්නෙක් බවට අධිකරණය ඒකමතිකව තීන්දුවක් දුන්නා.
මට අගමැති වෙන්න 71 වතාවක් ආරාධනා කළා. ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාර ගන්න කතා කළත් මම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා මෙන් මම හොරු සමඟ එකට වාසය කළේ නැහැ. රට හොරා කෑ හොරුත් එක්ක දේශපාලන දීග කන්න මට ලැජ්ජයි. ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට විවිධ ක්ෂේත්‍ර යටතේ පත්වීම් කළ හැකි බලය ලැබෙනවා. ඒත් මම මගේ තනි මතයට වැඩකරන්න සූදානම් නැහැ”